Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(UTV | කොළඹ) –

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කල්මුණේ , මූතූර් , කොළඹ – 10 , කළගෙඩිහේන් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් – 50 ත් අතර පසුවන පුද්ගලයන් බවද සඳහන්.

මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර ( ස්කෑන් ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ජපානය අභිබවමින් ඉන්දියාව ඉදිරියට

Editor O

විශේෂ පොලිස් මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment