Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළ‍ඳා මාලිගාවට.

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත.

මෙහිදී රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

France beat Belgium for 10th Davis Cup title

Mohamed Dilsad

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment