Trending Newsඑසැන පුවත්දේශීය

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට අවුරුදු 03ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

(UTV | කොළඹ) –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත කොළඹ මහා අධිකරණය විසින් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඇයට එරෙහිව පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය විසින් ඇයව වරදකාරිය බවට තීන්දු කළේය.

පසුගිය 2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයෙකුව පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ද කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබිණ. ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකාව වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (28) දහවල් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව සඳහන්. නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කරන බවද ඇයගේ නීතිඥයන් සඳහන් කරයි.

Related posts

2017 A/L results released: Best results in the island

Mohamed Dilsad

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment