Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට මිලියන 3ක දඩයක් – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්.

(UTV | කොළඹ) –

සම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට, ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මිලියන 3ක දඩ නියම කර තිබේ. ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීමට අදාළ සහාය නොදැක්වීම එම දණ්ඩන පැනවීමට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සදහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන තුනකි. එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුව එකී දණ්ඩන පැනවීමට අදාළව නිකුත් කළ නිවේදනය පහතින්.

Related posts

ඡන්දෙ තියන්න අනුර ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

மழையுடன் கூடிய வானிலை மேலும் அதிகரிக்கும்

Mohamed Dilsad

Sudan crisis: Military council arrests former government members

Mohamed Dilsad

Leave a Comment