Trending Newsඑසැන පුවත්දේශීයසාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි. by Editor OJune 29, 2024037 Share0 (UTV | කොළඹ) – පසුගිය දශක දෙකක කාලය තුල ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් සාමයට ඇති තර්ජනය වෙන කවරදාටත් වඩා සංකීර්ණ වී ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට එක්වෙමින්. ගැටුම් හා ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සහ සාමය පවත්වාගැනීම යන තේමාවෙන් මෙවර එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුලුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වී සිටින අමාත්‍ය ටිරාන් අලස් මහතා සමුලුව අමතමින් සඳහන් කළේ ගැටුම් පවතින ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තීරණාත්මක සාධකයක් වී ඇති බවයි. එමෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමග සයිබර් ආරක්ෂාව හා ස්වයංක්‍රීය අවි පද්ධති වැනි ආරක්ෂක උපයෝගීතා අපරාධමය කටයුතු සඳහා අනිසි ලෙස භාවිතා කිරීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේ. මේ ආකාර විවිධ අභියෝග හා ගැටුම්කාරී පරිසරයන් මධ්‍යයයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ඉතා ඵලදායී මට්ටමෙන් සිදු කෙරෙන බැවින් ඊට තම සුබපැතුම් එක් කරන බව අමාක්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියා. එමෙන්ම මහලේකම්වරයාගේ සාමය ස්ථාපිත කිරීම සදහා වූ නව න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව අගය කරන බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ. පැනනගින ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණදීමට හැකි වන අකාරයේ පොලිස් ඒකකයක් ශ්‍රී ලංකාව තුල පිහිටුවා ඇති බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා සමුළුව අමතමින් සඳහන් කළේ. එමෙන්ම පැන නගින තර්ජන මැඩලීමට පල පුරුද්ද සහ කුසලතා සහිත විශේෂඥ නිලධාරීන් යොදා ගැනීමට හා ඕනෑම රටක් සමග දැනුම සහ අත්දැකීම් බෙදාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.