Trending Newsඑසැන පුවත්දේශීය

මේ ආණ්ඩුවේ ඔළුව කරන දේ කඳ දන්නේ නෑ – ආචාර්යය හර්ෂ ද සිල්වා

(UTV | කොළඹ) –

වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ ආණ්ඩුවක් බවත්, මේ ආණ්ඩුවේ ඔළුව කරන දේ කඳ දන්නේ නෑ. කඳ දන්නේ නෑ අත් දෙක කරන්නේ මොකද්ද කියලා කකුල් දෙක කරනදේ අත් දෙක දන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ, මාවනැල්ල ප්‍රදේශයේ ජනහමුවකදීය.

“හදන හැදෙන ලංකාවට, සමගි ජන බලවේගය ගමට” යන මැයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සංවාදශීලි ජනහමු මාලාවේ, අරණායක සහ මාවනැල්ල ආසනයේ තල්ගස්පිටිය මුස්ලිම් ගම්මානයේ සහ වෑගන්තලේ කොට්ඨාසයේ පැවැති ජන හමු කිහිපයකට පසුගියදා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්වූ අතර පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ක්‍රියාකාරීව කටයුතු කළ ප්‍රබල සාමාජිකයන් රැසක්ම මෙම අවස්ථාවේ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්විය.

අරණායක සහ මාවනැල්ල යන ප්‍රදේශ වළ පැවති මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක කබීර් හෂීම් මැතිතුමා විසින් සංවිධානය කර තිබිණි.

වර්තමානය වන විට  පාර්ලිමේන්තුව තුළත්  ඉන් පිටතත් හර්ෂ ද සිල්වා මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ අනුග්‍රහයෙන් විවිද අවලාද ගොඩනගමින් තිබුනද ඊයේ හදිසියේම මාධ්‍ය හමුවකට සහබාගී වූ හර්ෂ ද සිල්වා මහතා, සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේතුව තුල ඉස්මතුකල කරුණු අනුමත කරමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ ආණ්ඩුවක් බවයි.

Related posts

මෙරට කොවිඩ් මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

Usain Bolt loses 2008 Olympic relay gold

Mohamed Dilsad

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment