(UTV | කොළඹ) –
ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ඇති පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සම්බන්දවීමට සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ට අද (05) පෙත්සමක් ගොනු කෙරිණ.
සමගි ජන බලවේගය මහලේකම් වෙනුවෙන් පෙත්සම ගොනු කළේ ජනාධිපති නීතිඥ ෆර්මා කාසිම් මහතායි.
ජනාධිපතිවරණය කල් නොදමා නියමිත පරිදි පැවැත්විය යුතු බවද සමගි ජන බලවේගය සඳහන් කරයි.