(UTV | කොළඹ) –
දේශපාලන පක්ෂ බෙදා වෙන් කර මැතිවරණ ජයග්රහණය කිරීමට නොහැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්රහණය කිරීම යල් පැන ගිය උපක්රමයක් බව ඔහු පැවසුවා.
2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් අද ශ්රී ලංකා නිදහස් පක්ෂද බෙදී යාමෙන් සීසීකඩ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා. කළ යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව නාමල් රාජපක්ෂ අවධාරණය කළා.