Trending Newsඑසැන පුවත්දේශීය

ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් සහ ඇගයීම් සහතික

(UTV | කොළඹ) –

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර තිබිණි.

Related posts

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Mohamed Dilsad

“Even TNA asks Tamils to vote for Gota, they will not accept him” – MP G.Srinesan

Mohamed Dilsad

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment