Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීට එරෙහි පෙත්සමක් විභාග කිරීමට දින නියම කෙරේ.

(UTV | කොළඹ) –

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවීමට අභියාචනාධිකරණ නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතායි මෙම පෙත්සම ගොනුකර තිබුණේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම ඊයේ (10) කැඳවින.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවා දායකයා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කර අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණ.

Related posts

මන්ත්‍රී ව්‍ශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවක්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – රවී කරුණානායක

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

கனமழைக்கு பலியானோர் எண்ணிக்கை 70-ஆக உயர்வு

Mohamed Dilsad

Leave a Comment