(UTV | කොළඹ) –
ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලා පාලනාධිකාරියට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාගත් පුද්ගලයෙක් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබුණු බව මල්ශාලා පාලානාධිකාරිය විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික මල් ශාලාව අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.