(UTV | කොළඹ) –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් ගත යුතු තීරණය ගන්නා බව පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
දිනුම රටට එක්ව පෙරට යන තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සංවිධාන කළ, බදුල්ල නගරයේ පැවැති රැළියකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.