Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත ශීඝ්‍රයෙන් ඉහළට

(UTV | කොළඹ) –

ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් දීපව්‍යාප්ත ජනමත විමසුම හෙළි කරනවා. රට හිතන හැටි යන තේමාවෙන් වෙරිටේ රිසර්ච් දීපව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ජූලි මස ප්‍රතිඵල නිකුත් කෙරුණා.

එම ප්‍රතිඵල වලට අනුව වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතා කැමැත්ත පසුගිය පෙබරවාරි මාසයේ තිබූ සියයට 7ක අගය සියයට 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය තෙගුණයකටත් වඩා ඉහළ යාමක් බවටයි වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන්නේ. සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 28ක ප්‍රතිශතයක් වර්තමාන ආර්ථික තත්ත්වය හොද හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සදහන් කර තිබෙනවා.

එය පසුගිය පෙබරවාරි මාසයේ තිබූ සියයට 9ක අගයට වඩා තුන් ගුණයක ඉහළ යාමක්. රටේ ආර්ථික තත්ත්වය යහපත් මට්ටමකට පත්වෙමින් තිබෙන බවට විශ්වාස කරන ජනතා ප්‍රතිශතය ද සියයට 9 සිට සියයට 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම දත්ත ද පෙබරවාරි මාසයට වඩා තුන් ගුණයක ඉහළ යාමක්

. 2024 ජූලි මාසයේ දැකගැනීමට හැකිවූ මෙම ධනාත්මක පෙරලිය පසුගිය වසරේ ජුනි මාසයේ පැවති මට්ටම හා සමාන වනවා. එමෙන්ම ඇතැම් අංශවලින් ඉහළ යාමක් ද පෙන්නුම් කෙරෙනවා. 2022 ජනවාරි මාසයෙන් පසුව රට ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ 2023 වසරේ ජුනි මාසයේයි.

lkjdrf2034

Related posts

ஜனாதிபதித் தேர்தல் தொடர்பான இறுதி முடிவு மாலை

Mohamed Dilsad

ලපයි – සිපයි කිව්වේ කාටද….? පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක්

Editor O

“Delayed Cabinet reshuffle due to some UPFA ministers going abroad” – Minister Duminda Dissanayake

Mohamed Dilsad

Leave a Comment