Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මෛත්‍රීපාල සිරිසේන

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම මැතිවරණය කල්දැමීමට උත්සහා කළහොත් රට තුළ ව්‍යකුළ තත්ත්වයක් ඇතිවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

இலங்கைக்கு எதிரான டி20 தொடர் – முன்னணி வீரர்கள் ஓய்வு

Mohamed Dilsad

Leave a Comment