Trending Newsඑසැන පුවත්දේශීය

මගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණය

(UTV | කොළඹ) –

ජීපීඑස් තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ අවස්ථාවේ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රදානත්වයෙනුයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු කාරක සභා සාමාජිකයන් ඊට කඒව සිටියා. බොහෝ ලංගම බස් රථවල ජී පි එස් උපකරණ සවිකර නොතිබීම ජී පි එස් තාක්ෂණය ක්‍රියාත්මක නොවීමට හේතුවක් බව මෙහිදි ප්‍රකාශ වුණා. මේ පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා සති 3ක් ඇතුළත මෙම කාරක සභා යළි රැස්වීමට තීරණ කෙරුණා.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පළපුරුදු අත්දැකීම් සහිත අය පාර්ලිමේන්තුවට එවන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

යහපාලන ආණ්ඩුවෙන් ඉදි කළ, උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය, මෝදි විවෘත කරලා.

Editor O

Leave a Comment