Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථා සංශෝධන ගැන බය වෙන්න එපා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග 19 දා පැවැති සාකච්ඡාවකදී පැවසීය.

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව  ක්‍රියාත්මක එකම රට  ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින්  ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු  බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දුන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බව කී ජනාධිපතිවරයා එවැනි කටයුතු පෙර, සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය. එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.

 

Related posts

அமித் வீரசிங்க பிணையில் விடுதலை

Mohamed Dilsad

මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන හැඩ කළ ”කෝලිය ඇතා” අභිරහස් ලෙස සමුගනී

Editor O

ஐயாயிரம் ரூபாய் நோட்டுகள் இரத்துச் செய்யப்படமாட்டா – இலங்கை மத்திய வங்கி ஆளுநர்

Mohamed Dilsad

Leave a Comment