(UTV | කොළඹ) –
ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
ජනතාව ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දී සිටියදී කිසිවෙකු රට ගොඩ ගැනීමේ වගකීම භාරනොගත් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව රටේ වගකීම භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ බවද ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පැවසීය.