Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේදී  නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ට අවස්ථාව

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදී  නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව සඳහන් වේ. නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස  ඉල්ලුම් කළ හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන්.

අදාළ ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම්බාර නිලධාරි හා මැතිවරණ කාර්යාලවලින් ලබාගත හැක. අදාළ අයැදුම්පත්‍ර එළඹෙන අගෝස්තු පළමු වැනිදා හෝ ඊට පෙර, මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට ලැබීමට සලස්වන මෙන්ද මැතිවරණ කොමිෂම ඉල්ලා සිටී.

ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් ඉල්ලුම්පත්‍රය සහතික කළ යුතුය. ග්‍රාම නිලධාරි සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කෙරේ.  ඉල්ලුම්කරු විසින් 2024 වර්ෂයේ ඡන්ද විමසීම සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් තොරතුරු ඉල්ලුම්පත්‍රයේ සඳහන් කළ යුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්.

එම නාමලේඛන තොරතුරු සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලල සහ මැතිවරණ කොමිෂන් සභාවේ www.election.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Related posts

தொடரும் சுங்க அதிகாரிகளின் பணிப்புறக்கணிப்பு போராட்டம்

Mohamed Dilsad

One dead, 25 injured in Kolkata Majherhat Bridge Collapse

Mohamed Dilsad

‘දසේ’ අලියා ගේ මරණයට හේතුව නිර්වින්දනය ද?

Mohamed Dilsad

Leave a Comment