Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ගේ පාර්ශ්වය පොහොට්ටුව සමග දිගටම සාකච්ඡා

(UTV | කොළඹ) –

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ශ්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාර්ශ්වය අතර සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් 26දා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කළේය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෝ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පක්ෂයක් ලෙස සහාය ලබා දෙන්නේදැයි යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එකඟවී නොමැති අවස්ථාවක එම සාකච්ඡා පවත්වා තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත නව සන්ධානය පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව සඳහන්ය. ඒ අනුව අද (28) ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර යළිත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසී සාකච්ඡා කර තිබේ. ඊයේ (27) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ජනාධිපතිවරණයේ දී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය. පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡා පවත්වා ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සහ සාගල රත්නායක යන මහත්වරුන් වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන ලෙස දැඩිව ඉල්ලා තිබේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කර ඇත්තේ එළඹෙන සඳුදා දිනයේ පැවැත්වෙන දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය දැනුම් දෙන බවය.

Related posts

කලින් හොරු අහුවුණා දැන් ඊටත් කලින් හොරු අහුවෙලා ඉන්නේ – බිමල් [VIDEO]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි

Mohamed Dilsad

විදුලි බිලට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment