Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව දැන සිටියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී අවශ්‍ය නම් උපකාර කිරීමට ද පොරොන්දු වූ බවයි. 26දා  පස්වරුවේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ #AskRanilLive නම් ප්‍රශ්න ඇසීමේ වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මෙම වැඩසටහන සජිවීව නරඹමින් ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීම සිදුවිය. තමන් බලයට පැමිණි පසු මීට වඩා බඩු මිල අඩු කරන බව පවසන අපේක්ෂකයන් ගැන විමසූ විට ජනාධිපතිවරයා සඳහන් කළේ එහෙනම් ඒ අය 2022දී අගමැති ධූරය භාර නොගෙන මගහැරියේ ඇයි දැයි කියා තමා විමසන බවය.තමාට අවශ්‍ය තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩ නැගීම හා ජීවන බර අඩු කිරීම බවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. ඉන්දියාව සමග ඇති කරගන්නා බල ශක්ති උත්පාදනය ව්‍යාපෘති අවදානම් සහිත බවත් ඉන් එක් ස්විච් එකකින් ඉන්දියාවට ලංකාවේ විදුලි බලය නතර කළ හැකි බවට දේශපාලන පක්ෂ නගන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමේදී ජනාධිපතිවරයා පැවසුවේ බලශක්ති උත්පාදන අර්බුදය ඇත්තේ ඉන්දියාවට බවය. අපට බලශක්ති නිපදවීමේ හැකියාව ඇතැයි ද එබැවින් එම වැඩිපුර බල ශක්තිය විකිණිය යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. මෙවැනි දැනුමක් හෝ නැති පක්ෂ රට පාලනයට බලය ඉල්ලීම විහිළුවක් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Showers expected over most provinces – Met. Department

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Qatar faces airspace ban as crisis grows

Mohamed Dilsad

Leave a Comment