Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය කාටද…?

(UTV | කොළඹ) –

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය ලබාදෙන ලෙස ඉල්ලමින්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ආරාධනා කළ බවත්, සහය දෙන්නේ කාටදැයි තවම තීරණය කර නොමැති බවත්, අපේ සාධාරණ ඉල්ලීම් සඳහා එකඟවන අපේක්ෂකයාට  සහාය ලබාදෙන බවත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් මහ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. සමුළුව පුත්තලම නගරයේදී පසුගිය දා පැවැත්වින.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “මේ වෙනකොට ජනාධිපතිවරණය නිවේදනය කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ නාමයෝජනා භාර දෙනවා. මේ වෙද්දි ප්‍රධාන පක්ෂ දෙකම අපේ පක්ෂයට ආරාධනා කරලා තියෙනවා. එවැනි පසුබිමක තමා මේ වගේ විශාල ජනතාවක් සමග මේ රැස්වීම තියන්නේ. සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී කුමන හෝ අපේක්ෂකයෙක්ට සහාය ලබා දෙනවා. හැබැයි ඒ අපේ සාධාරණ ඉල්ලීම් 10ට එකඟ වුණොත් විතරයි. ඒ ඉල්ලීම්වලින් ප්‍රධාන ඉල්ලීම වෙන්නේ පුත්තලම රෝහල ඊළඟ අදියරය දක්වා සංවර්ධනය කිරීමයි. අපේ ඉල්ලීම්වලට එකඟවන අපේක්ෂකයාට අපේ සහාය ලබා දෙනවා.” යැයි ද කීවේය.

Related posts

මෙරට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදුකර අවසන් වෙයි

Mohamed Dilsad

டிரம்ப்பை சுட்டுக் கொல்வதாக மிரட்டிய அமெரிக்கருக்கு 37 மாதம் சிறை

Mohamed Dilsad

No-Confidence Against PM Likely To Be Presented To Parliament Next Week By Joint Opposition

Mohamed Dilsad

Leave a Comment