Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

ගතවූ වසර දෙකක කාලය තුළ රට සාර්ථකත්වයට ගෙන ඒමට සහය ලබාදුන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම ස්තුතිය පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඊයේ (29) රාත්‍රී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන “මෙම ගමනේ දී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුලසිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටිය දී පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය දෑ නැතිව අරගල කරද්දි ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරිගැන්වුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමගේ අතරමගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තූති කරන්න කැමතියි.මේ සමග අප සමග එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මගේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා.පක්ෂ දේශපාලනය පසෙකලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපිට තව බොහෝ දෑ කළ හැකියි. තවමත් අප සමග එක්නොවූ මන්ත්‍රීවරුන්ට මම කියන්න ඕනෙ අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්.

සමෘද්ධිමත් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදුවෙමින් පවතිනවා. එය යථාර්තයක් බවට පත්කිරීමට කැමති සෑම කෙනෙක්ම අපිට අවශ්‍යයි.අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්ය ගැන අවසාන වශයෙන් ඔබට ස්තූතිවන්ත වෙන්න කැමතියි.

යනුවෙන් සඳහන් කර තිබේ.

 

Related posts

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

Mohamed Dilsad

Another 20 suspects arrested in the last 24 hrs

Mohamed Dilsad

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයි

Mohamed Dilsad

Leave a Comment