Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රසන්න රණතුංගගෙන් මහින්ද රාජපක්ෂට ලියමනක් : රනිල්ට සහය දෙන බවත් කියයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදෙන බව, අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අද (31)  දන්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවත්, එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව ප්‍රසන්න රණතුංග මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.

එසේ වුවත් තමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු බවත් තමාගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන බවත් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින්.

Related posts

ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.

Editor O

Executive allowance for Public Servants approved

Mohamed Dilsad

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

Leave a Comment