Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජනබලවේගය පිහිටුවීමේ අරමුණ ඩීල් දේශපාලනය අවසන් කිරීමයි.

(UTV | කොළඹ) –

සමගි ජන බලවේගය ගොඩනැගුවේ ඩීල් දේශපාලනය අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා එසේ පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේ.  ‘‘ජේ.ආර් ජයවර්ධනට 77 හිටියා වගේ කණ්ඩායමක් තමන් සමඟ ඉන්නවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. රාජපක්ෂලා සමඟ රට බංකොලොත් කළ පිරිස ජේ.ආර් ජයවර්ධන සමඟ සිටි පිරිස හා සංසන්දනය කිරීමෙන් ජනාධිපතිවරයා ඒ පිරිසට සිදුකර ඇත්තේ විශාල නිග්‍රහයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විනාශ කළා,

ජේ.ආර් ජයවර්ධනට  හිටියා වගේ කණ්ඩායමක් ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ නෙවෙයි. එවැනි දක්ෂ පිරිසක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජනබලවේගයේ. රටේ ආර්ථිකය , අධ්‍යාපනය , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , ජාත්‍යන්තර සමඟ ගනුදෙනු කරන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ.

සජිත් ප්‍රේමදාස කියන්නේ නියම එක්සත් ජාතික පාක්ෂ නායකයෙක්. ඔහුට රනිල් වික්‍රමසිංහ වගේ ඩීල් දේශපාලනය සිදුකරලා පුරුදු නෑ. අපි එක්සත් ජාතික පක්ෂය අත්හැරලා සමගි ජනබලවේගය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂ කල්ලිය සමඟ ඩීල් දේශපාලනය සිදුකරන නිසයි. සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂවරු හමුවුණා කියලා ආශු මාරසිංහ කියලා තිබෙනවා. එවැනි කිසිම හමුවීමක් සිදුවුණේ නෑ. පස්ස දොරොන් ගිහින් රාජපක්ෂලාගෙන් අගමැතිධූර ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා නෙවෙයි රනිල් වික්‍රමසිංහ.

රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්නේ මිනිමැරුම් , කප්පම් , දූෂණ වංචා චෝදනා තිබෙන රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට කතා කරනවා. රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවුණොත් මුදල් ලබාදෙන බවට ප්‍රකාශ කරනවා. ඔවුන් එලෙස මුදල් ලබාදෙන්නේ රටේ අහිංසක ජනතාව පීඩාවට පත් කරලා ලබාගන්න බදු මුදල් වලින්. සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් සල්ලි වලට ආත්මය පවා දෙන්න කටයුතු කරන්නේ නෑ. ඒ වගේම සමගි ජනසන්ධානයට දූෂණ වංචා චෝදනා එල්ල වුණ කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නෑ”

Related posts

Rashida Tlaib rejects Israel’s offer of ‘humanitarian’ visit

Mohamed Dilsad

வீதி இல.138 ஹோமாகம – புறக்கோட்டை தனியார் பேரூந்து ஊழியர்கள் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment