Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධුත පිරිස ශ්‍රී ලංකා සංචාරය ඊයේ (03) නිමාවට පත් කළ අතර, විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදු කරන බවද සඳහන් කළේය.

පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස පසුගිය 25 වනදා දිවයිනට පැමිණියහ. විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබද එම පිරිස සාකච්ඡා කළහ.

රටක සංචාරයකින් පසු හඳුනාගන්නා මූලික සොයාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම ධූත මෙහෙය අවසානයේ මාධ්‍යයට කරයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ, අඛණ්ඩව වාරික තුනක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු උද්ධමනය, රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙමගින් අඛණ්ඩ සහාය ලැබෙනු ඇත.

මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ලෙස පුළුල් පදනමක් සහිතව සහ ස්ථාවර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව තීරණාත්මක ප්‍රගතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ඇති ප්‍රධාන වගකීම සපුරාලීමේ ප්‍රගතිය, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තුන්වන සමාලෝචනය තුළින් විධිමත් ලෙස තක්සේරු කිරීමක් සිදු කෙරේ.

බෘෘවර් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවන බවත්, උද්ධමනය පාලනය වී, ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළයාමත්, දේශීය ණය පොලී අනුපාතිකය ද අඩු වෙමින් තිබෙන බවවත්, එය යහපත් ප්‍රවණතාවක් බවද හෙතෙම පැවැසීය.

රාජ්‍ය ආදායම ද වැඩි වී ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් දක්වා පරිවර්තනය වීම අවශ්‍ය බවයි බෘෘවර් මහතා සඳහන් කළේය.

Related posts

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

Mohamed Dilsad

ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු කථානායක නිවේදනය කරයි

Mohamed Dilsad

அமைச்சர் கபீர் ஹாசிம் ஜனாதிபதி ஆணைக்குழு முன்னிலையில்

Mohamed Dilsad

Leave a Comment