Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

(UTV | කොළඹ) –

වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය.

ඔහුගේ ආබාධ තත්ත්වය එම්.ආර්.අයි ස්කෑන් මගින් ද සනාථ වී ඇති බවත් මේ වනවිට ඔහු පුනරුත්ථාපන ක්‍රියාවලිය යොදවා ඇති බවත් ක්‍රිකට් ආයතනය පැවසීය. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානම වේග පන්දු යවන්නන් සිවු දෙනා ද මේ වනවිට කණ්ඩායමේ සිටින සුපිරි දඟ පන්දු යවන්නා ද තරගාවලියෙන් විවේක ගන්වා තිබේ.

Related posts

පොම්පියෝ රටට ආ මොහොතේ චීනය තැබූ ට්විටර් සටහන

Mohamed Dilsad

இலங்கையின் 70 ஆவது சுதந்திர தினத்தை முன்னிட்டு முக்கோண சர்வதேச கிரிக்கெட் போட்டி

Mohamed Dilsad

இன்று காலை 06 மணியுடன் பொலிஸ் ஊடரங்குச் சட்டம் நீக்கம்

Mohamed Dilsad

Leave a Comment