Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3,694ක්

(UTV | කොළඹ) –

මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුලත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙවර පිටත් වුයේ 873 වන කණ්ඩායමයි.

අද වන විට තරුණ ප්‍රජාව අතර දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් විමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබෙන අතර වර්තමානය වන විට තරුණියන් මෙම රැකියා අවස්ථා සදහා යොමුවීම නව ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

මේවන විට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේදි තවත් ශ්‍රමිකයන් රැසක් රැකියා සඳහා පිටත්විමට නියමිතව තිබේ.

Related posts

නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත්කෙරේ

Editor O

NPC mulls traffic monitoring via Google

Mohamed Dilsad

25 மில்லியன் ரூபா ஹெரோயினுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment