Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් හදනවා – ආචාර්යය හර්ෂ ද සිල්වා

(UTV | කොළඹ) –

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැ­යිය යුත්තේ රුපි­යල් නොව ඩොලර් බවත් ඒ අනුව අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා ඩොලර් ඉපැ­යී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකසා ඇති බවත් මන්ත්‍රී­ව­රයා පැව­සු­වේය. 2024 වර්ෂයේ මුල් කාර්තු­වේදී අත් කර­ගත් ආර්ථික වර්ධන වේගය තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් රට සංව­ර්ධ­නය කරා ගෙන­යෑ­මට අවශ්‍ය සහාය ලබා දිය යුතුය යන කල් තැබීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා මෙසේ ද කී‍වේය. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ආණ්ඩු­වෙන් පෙට්‍රල් රුපි­යල් 150 සිට 400 දක්වා වැඩි කළා. ඒක ආණ්ඩු­වට ලාභයි. පෙට්‍රෝ­ලි­යම් එකට ලාභයි. අපේ අනෙක් විකල්ප කණ්ඩා­යම් කියන්නේ බල­යට පත් වුණාම ඔවුන් පෙට්‍රල් රුපි­යල් 200ට දෙනවා කියලා. අප ඒක කියන්නේ නැහැ. අප කියන්නේ ඩිජි­ටල් තාක්ෂ­ණය හරහා රුපි­යල් 400 ගෙව්වාට 200 ගෙවිය යුතු පුද්ග­ල­යාට ඉති­රිය ගෙවෙන විදි­යට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­නවා. මේක දැන් කවුරු හරි කොපි කරන්න පුළු­වන්. කොපි කරන්න කලින් හැන්සා­ඩ්ගත කරන්න කියලා මම ඉල්ල­නවා. රුපි­යල් 400 ගෙව­නවා ඉන්කම් කැට­ග­රි­යට අනුව බැංකු එක­වුන්ට් එකට ඉතිරි රුපි­යල් 200 බැර කර­නවා. බෙන්ස් එකේ එන කෙනාට මොක­ටද රුපි­යල් 200කට පෙට්‍රල් දෙන්නේ. ඔහු රුපි­යල් 20,000ක කනවා හව­සට. හැබැයි අමා­රු­වෙන් ගෙවන පුද්ග­ල­යාට තමයි මේ ක්‍රියා­ව­ලිය ක්‍රියා­වට නංවන්නේ. යැයි ද කීවේය.

Related posts

Crane collapse in Dallas kills 1, injures 6 others

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

මහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment