Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

(UTV | කොළඹ) –

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීයී. සහාය නිවේදිකාවක් ලෙස ඊට එක් වූ ඇය පිබිදෙන ගායක පරපුර වැනි අතිශ්‍යය ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළාය.

ඒ සියල්ලට වඩා ඇය විශේෂ වන්නේ මෙරට පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වීමයි. ජාතික රූපවාහිනියෙත්/ ස්වාධීන රූපවාහිනියෙත් ඇය සේවය කළාය. අභාවප්‍රාප්ත සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Related posts

“Example set by religious leaders not adequate” – His Eminence Malcolm Cardinal Ranjith

Mohamed Dilsad

අදත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர்களினதும் சம்பளம் ஒருபோதும் அதிகாரிக்கப்பட மாட்டாது

Mohamed Dilsad

Leave a Comment