Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නවා – ජනාධිපති

(UTV | කොළඹ) –

ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ , වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා එසේ පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට සැලසුම් කර තියෙනවා. බදු වැඩි කිරීම නිසා 2023 සහ 2024 මුල් කාලය අමාරු කාලයක් වුණා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න හැකිවුණා. මේ පියවර පෞද්ගලික අංශයට බලපානවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාස 6කට සැරයක් සාකච්ඡා කරනවා. එතැනදි පෙනුණේ තවත් දියුණු වෙමින් පවතින බව. බදු ගැටලු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණුත් – එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ආදායමේ විශාල කොටසක් තියෙන්නේ වාහන බදුවලින්. ලබන අවුරුද්ද මැද වෙනකොට මීට වඩා හොඳ දියුණුවක් ලැබෙයි.”

Related posts

පාසැල් ආරම්භය ගැන සෞඛ්‍ය අංශය වල නිර්දේශය

Mohamed Dilsad

නිරෝධායනය සඳහා යන පිරිසට නොමිලයේ ආහාර පාන ලබාදීමට උපදෙස්

Mohamed Dilsad

US relaxes travel advisory for Sri Lanka

Mohamed Dilsad

Leave a Comment