Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඉයන් බෙල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යයමණ්ඩල තනතුරක්

(UTV | කොළඹ) –

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරයේ දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

සනත් ජයසූරියගේ ඉල්ලීම පරිදි ඉයන් බෙල් කණ්ඩායමට එක්වන බව සඳහන්. ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම එරට තණතීරුවලට අනුගත වීමට දේශීය විශේෂඥ සහාය අවශ්‍ය වන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණු සනත් ජයසූරිය විසින් අදාළ ඉල්ලීම කර තිබේ.

එංගලන්තයේ තණතීරු සහ කාලගුණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණයි. ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇතැයි විචාරකයන් මත පළකරයි.

Related posts

எதிர்ப்பு நடவடிக்கை காரணமாக லோட்டஸ் சுற்றுவட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Exposing negligence of officials not a threat to national security – Dr. Jayampathy

Mohamed Dilsad

காணாமல்போனோர் தொடர்பிலான பிரச்சினைக்கு எமது அரசாங்கம் தீர்வை வழங்கும் – அநுர

Mohamed Dilsad

Leave a Comment