Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ දී සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ ඊයේ (14)  වැල්ලවත්ත ප්‍රදේශයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ තීරණය ගත්තේ ජනතාව සමග සාකච්ඡා කරලා. මන්නාරම, වව්නියාව, කුරුණෑගල, මුලතිව්, අනුරාධපුර, පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මහනුවර ඇතුළු දිස්ත්‍රික් රැසක, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට සහාය දෙන පාක්ෂිකයන්ගේ මතය විමසුවා. ඒ අනුව අපට යම් තීරණයකට එළඹීමට අපට හැකිවුණා. ජනතාවගේ මතය පිළිබඳව මූලික අවධානය යොමු කළා. ජනතාවගේ කැමැත්තට මුල්තැන දීලා, 14 වෙනිදා උත්තරීතර සභාව රැස්වෙලා එම තීරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරලා එකම තීන්දුවකට ආවා. ඒ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළා.

ඒ අනුව, සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න, රටේ ආර්ථිකය ඇතුළු සියලු ක්‍ෂේත්‍රවල දියුණුව වෙනුවෙන් සහයෝගය ලබාදීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය සූදානමින් ඉන්නවා යැයි ද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කීවේය. මෙම අවස්ථාවට පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.

 

Related posts

Lankan attempting illegal entry arrested in Tamil Nadu

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ COPE සහ COPA කමිටු සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

ஐக்கிய தேசியக் கட்சியின் மத்திய செயற்குழுக் கூட்டம் ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment