Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…

(UTV | කොළඹ) –

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට ඊයේ (14) සවස දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

බංග්ලාදේශයේ නීතිය හා සාමය රැකීමට යුනූස් මහතාට හැකිවනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් ආයෝජන කටයුතු සිදු කරන ලෙස තමා දැනුම් දෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණුවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම උපකාරයක්ම කරන බවටද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුමට ස්තුතිය පළ කර ඇති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා අවස්ථාවක් ලද විගස බංගලාදේශයට පැමිණ රට යථාවත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

Related posts

இரணைதீவு மக்களுக்கு இரண்டு வாரங்களுக்குள் தீர்வு:பாதுகாப்பு இராஜாங்க அமைச்சர் உறுதி

Mohamed Dilsad

Education Ministry directs students to wear clothes to protect from mosquito bites

Mohamed Dilsad

Sri Lanka Administration Services call off strike

Mohamed Dilsad

Leave a Comment