Trending Newsඑසැන පුවත්දේශීය

මාධ්‍ය උපමාන ආරක්ෂා කරන්න -මැ.කො. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන්, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ඉල්ලීමක් කරයි.

රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී මැතිවරණ නාම යෝජනා භාර ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

මාධ්‍ය උපමාන ඇතුළු විධාන කඩකිරිමට කිසිදු නිලධාරයෙකු නොපෙළඹවීමට සියලු අපේක්ෂකියන් වගබලා ගතයුතු බවත්, වැරදි දුෂණ ක්‍රියා, නීතිවිරෝධි ක්‍රියා සිදු කිරිම හා විධාන උල්ලංඝනය කිරිම පිළිබඳ දඩුවම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ පැහැදිලි දක්වා ඇති බවද සභාපතිවරයා කීවේය.

Related posts

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

பிறந்ததுமே 11 ஆயிரம் டொலர்களை பரிசாகப்பெற்ற அதிஷ்டக் குழந்தை…!

Mohamed Dilsad

மக்கள் காங்கிரஸுக்கு வழங்கும் வாக்குகளை சமூகத்துக்கான சிறந்த முதலீடாக எண்ணுங்கள்.. புல்மோட்டையில் அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Leave a Comment