Trending Newsඑසැන පුවත්දේශීය

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

(UTV | කොළඹ) –

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා රජය විසින් නිවාස ගොඩනැගීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත් අවශ්‍යකරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබාදීමට රජයේ අනුමැතිය ලබාදී තිබේ.

පළමු අධියර යටතේ සාමාජිකයින් 100 දෙනෙකු සඳහා, තම නිවස ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීමේ දී සිවිල් ආරක්ෂක බලකා සමාජිකයන්ගේ ශ්‍රමදායකත්වය ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

එමෙන්ම වසර කිහිපයක සිට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් දැනට රුපියල් 350 ලෙස ලැබෙන දෛනික සලාක දීමනාව රුපියල් 500 දක්වා ඉහළ දැමීමට ද රජය පියවර ගෙන තිබේ.

Related posts

“Endgame” final trailer breaks records

Mohamed Dilsad

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

The Court of Appeal Rejects Gnanasara Thera’s Appeal

Mohamed Dilsad

Leave a Comment