(UTV | කොළඹ) –
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යූඑස්එස් ස්ප්රවුන්ස් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. නෞකාව සඳහා වන සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම නෞකාව දිවයිනට පැමිණ ඇති බව කොළඹ වරාය සඳහන් කරයි.
යූඑස්එස් ස්ප්රවුන්ස් නෞකාවේ දිග මීටර් 160ක පමණ වන අතර, එහි 338 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පැමිණ තිබෙනවා. සේවා පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව එම නෞකාව අද (20) යළි දිවයිනෙන් පිටත්ව යනු ඇති.