Trending Newsඑසැන පුවත්දේශීය

ස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපති

(UTV | කොළඹ) –

කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් හැකි වුවත්, නිසි ආර්ථික වැඩපිළිවෙලකින් තොරව, මෙම ආර්ථික ක්‍රියාවලිය අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා කටයුතු කළ යුතුව ඇතැයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ ”රනිල්ගෙන් අහන්න” වැඩසටහනේදී ජනාධිපතිවරයා කීවේය.

එමෙන්ම රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කතා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා බවත්, රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

டெங்கு நோயாளர்களின் எண்ணிக்கை அதிகரிப்பு – தேசிய டெங்கு ஒழிப்பு பிரிவு

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

විදේශ අධ්‍යාපන සිසුන්ට ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment