Trending Newsඑසැන පුවත්දේශීය

තලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

(UTV | කොළඹ) –

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මන්ත්‍රීවරිය කීවාය. ඇය, පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.

අතුකෝරළ මහත්මිය මෙසේ ද කීවාය. පක්ෂය දෙකඩ වීම ගැන මගේ කැමැත්තක් නෑ. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් වශයෙන් ජයග්‍රහණය කළත් මම තාමත් හිතන්නේ, එදා අනාගතය ගැන හිතන්නේ නැතුව අපි ගත්ත තීන්දුව හරිද කියා. එය හැමදාම වගේ හිතට වදදෙනවා. අපේ දැවැන්ත පක්ෂය දෙකඩ කරන්නට මම දායක වුණා ද යන සිතුවිල්ල මා ලැබූ මන්ත්‍රී ධුරයේ සතුටට වඩා මට දැනුනේ නිතර දුකක් විදියට.

2024 ජනාධිපතිවරණය කැඳවීමේ දී මට දැනුනේ රනිල් ද සජිත් ද කියන එක නෙමෙයි. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේ දී අපි එක්ව තරග කරනවා ද ? වෙන්ව තරග කරනවා ද කියන එකයි. මේ දෙදෙනා ගැනම හොඳ අවබෝධයක් තියෙනවා යැයි ද කීවාය.

2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණි වූ තලතා අතුකෝරාළ, ගාමිණි අතුකෝරලගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසුණාය. ඇය 2004, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගත්තාය.

Related posts

අරගලකරුවන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත වෙත ගමන් කරයි

Mohamed Dilsad

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ආසාදිතයන් 5 ක් පැන යයි

Mohamed Dilsad

Four including tourists killed in accident on Southern Expressway

Mohamed Dilsad

Leave a Comment