Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්කළ තානාපතිවරුන් තිදෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු, ජනාධිපතිට අක්තපත්‍ර බාරදෙයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ඊයේ (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාරදුන්නේය.

ලිතුවේනියා ජනරජය වෙනුවෙන් ඩයනා මෙකැවෙසියන් මහත්මිය, වියට්නාමය වෙනුවෙන් ට්‍රින් තී ටැම් මහත්මිය සහ මියන්මාරය සඳහා මාලර් තන් ටයික් මහත්මිය නාව තානාපතිවරුන් ලෙස ජනපති වෙත අක්ත පත්‍ර භාර දුන්හ.

මෙරටට පත්ව ආ නව මහකොමසාරිස්වරු ලෙස සිම්බාබ්වේ වෙනුවෙන් පර්සි පැස්ටන් චන්දා මහතා සහ බංග්ලාදේශය සඳහා අන්දාලිබ් එලායස් මහතා සිය අක්ත පත්‍ර භාර දුන්හ.

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද කතාබහක ද නිරත වූහ.

Related posts

விராட் கோஹ்லி தொடர்ந்தும் முதலிடம்

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54ක් අත්අඩංගුවට

Editor O

Leave a Comment