Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උප‍දෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සඳහන්.

පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2022 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම හේතුවෙන් ඒ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබෙන බවයි. යම් හෙයකින් එම නාම යෝජනා මත පදනම්ව මැතිවරණය පැවැත්වුවහොත් නව ලක්ෂයකට අධික ඡන්ද දායකයින් පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම අවුරුදු 18 සම්පූර්ණ වූ තවත් පිරිසකට මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට ඇති අවස්ථාවද අහිමි වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යඅධිකරණ නි‍යෝග ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළේ ය.

Related posts

ஏ.ஆர்.ரகுமானுக்கு பிரதமர் மோடியின் கோரிக்கை…

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලා ලබන 18 දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට ටෝකන් ක්‍රමය

Mohamed Dilsad

Leave a Comment