Trending Newsඑසැන පුවත්දේශීය

නිවැරැදිව ඡන්දය දෙන විදිය

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි.

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා  නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණුකළ හැකි බව ද ඒ මහතා පවසනවා.

ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියේ වෙන්කර ඇති කොටසේ එකේ ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා. ඉන්පසු දෙවන සහ තුන්වන ඉලක්කම් සලකුනු කිරීමෙන් මනාප දැක්විය හැකියි. ඡන්ද දායකයෙකු ඡන්ද පත්‍රිකාවක දෙවන හෝ තුන්වන මනාප සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දයක් සලකුනු කර තිබේනම් එය පිළිගන්නේ වලංගු ඡන්දයක් ලෙසයි. ඡන්ද පත්‍රිකාව සලකුණු කිරිමෙන් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙසට සලකනවා. ඡන්ද දායකයාව හදුනාගත හැකි පරිදී යම් දෙයක් සටහන් කර හෝ සළකුණු කරන පත්‍රිකා ඡන්ද ගණන් කිරීමේ දී ප්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම, එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම , දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කිරීම සහ 1 / 2 / 3ට වඩා මනාප සලකුණු කිරීම ද ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වීමට හේතුවක් වනවා

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

China to assist Sri Lanka become Indian Ocean’s financial hub

Mohamed Dilsad

தீவிரவாதத்தை ஒழிக்க இலங்கை வந்தது எப்.பீ.ஐ

Mohamed Dilsad

Leave a Comment