Trending Newsඑසැන පුවත්දේශීය

අයිඑම්එෆ් එකඟතා ආරක්ෂා කරමින් ඉදිරි වසර දෙක තුළ ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක තුළදී ජනතාවගේ බදු බර සැහැල්ලු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් වන්නේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර, රුපියල ශක්තිමත් කර සහන ලබාදීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති අනුගමනය නොකර හිතුමතේ බදු අඩු කළහොත් සිදුවන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවද සඳහන් කළේය.

ජාඇල නගරයේ සංවිධානය කර තිබූ පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වන බව පවසමින්, බදු අඩුකළ බවත් එහිදී රටේ ආර්ථිකය කඩාවැටුණු බවයි. එමෙන්ම සජිත් සහ අනුර අද ජනතාවට ලබාදෙමින් සිටින්නේ දේශපාලනය අරමුණු කරගත් පොරොන්දු මිස රටේ සහ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතා බලා ලබාදෙන පොරොන්දු නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර සිටියා. තවද ඔවුන් සැබෑ ලෙසම ජනතාව පිළිබඳ සිතනවා නම් 2022 ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට තිබූ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ.

Related posts

Suspect nabbed with stock of illegal cigarettes

Mohamed Dilsad

ஶ்ரீலங்கா சுதந்திர கட்சியின் மத்திய செயற்குழுக் கூட்டம் இன்று

Mohamed Dilsad

මහර ගැටුමෙන් තුවාල ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment