Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන මිල පහළට

මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිල රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352කි.

ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Related posts

Brexit lawmakers committee slams Theresa May’s deal in latest blow ahead of vote

Mohamed Dilsad

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

Mohamed Dilsad

தேசிய பூங்காக்களை வழமைப்போல் பார்வையிட அனுமதி

Mohamed Dilsad

Leave a Comment