Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ට සහාය දෙන බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පක්ෂයේ මතය නෙවෙයි. – මාවෙයි සේනාධිරාජා

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස
මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන
මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

අදාළ තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වූ බව, තමා නොදන්නා බවත්, එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව සඳහන් කරයි.

එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක්
නැති බවද සේනාධිරාජා මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු
විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් කීවෙිය. ඉලංකයෙහි තමිල් අරසු
කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී නැති බවද, මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේය.

Related posts

Tense situation in Ampara now under control

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම අද සලකා බැලේ

Mohamed Dilsad

ලංගම ඩීසල් නොදුන්නොත් හෙට බස් නැහැ

Mohamed Dilsad

Leave a Comment