ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක, දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. නිල ඡන්ද පත්‍රිකා බෙදීම හෙට (03) සිට ඇරඹෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන අතර, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 4, 5 සහ 6 දිනයන්හිදී සිදු කිරීමට නියමිතයි.

