Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) සිට ආරම්භවී තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවට අයත් කාර්යාල, කාර්යාලවල නිලධාරීන් සහ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරී, පොලිස් ස්ථානවල නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය අයත් නිලධාරීන් ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියි.

තැපැල් ඡන්ද සලකුණු කරන අවස්ථාව නිරීක්ෂණය සඳහා අපේක්ෂකයෙකු වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙකු, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් එක් අයෙකු බැඟින් ඇතුළුවීමට අවසර ඇත. තැපැල් ඡන්ද සලකුණු කිරීම්, තැපැල් ඡන්ද විමසන ස්ථාන සහ පරිශ්‍ර ඡායාරූප ගත කිරීම්, වීඩියෝ ගත කිරීම් යනාදී දේ තහනම් වන අතර තැපැල් ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන පරිශ්‍රයේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන කිසිදු ඡායාරූපයක්, පත්‍රිකාවක්, සලකුණක් හෝ ලකුණක් ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බවයි මැතිවරණ කොමිෂම අවධාරණය කරයි.

තවද එම ස්ථානවල ඡන්ද ආයාචනා කිරීමද, ඡන්දය ලබාගැනීමට ඡන්දදායකයින් පෙළඹවීම් මෙන්ම ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් බව සඳහන්. මෙම නීති කඩ කළහොත් වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි බවරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

Related posts

தாதியர்கள் சுகயீன விடுமுறைப் போராட்டத்தில்

Mohamed Dilsad

விபத்தில் காவற்துறை அதிரடி படையில் பணிபுரிந்த உத்தியோகத்தர் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

தாமரைக் கோபுரம் திறக்கப்படும் நாள் வெளியானது?

Mohamed Dilsad

Leave a Comment