Trending Newsඑසැන පුවත්දේශීය

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළි දකි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදු කෙරිණ. .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් විණ. “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වූහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපතිත්වය දරනු ලබන අතර නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණ මහතාය.

මෙම සන්ධානය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් විදුතලයි පුලික්කාල් පක්ෂය, ජාතික ක්‍රොංගසය, එක්සත් ජනතා පක්ෂය, ජාතික සමගි පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා බලවේගය නියෝජනය කරන සාමාජිකයන් එක්ව අවබෝධතා ගිවිසුමකට එළඹ සිටිති.

Related posts

கோட்டை மற்றும் காங்கேசன்துறை இடையிலான பயணத்திற்கு “உத்தர தேவி”

Mohamed Dilsad

Adele files for divorce from husband Simon Konecki

Mohamed Dilsad

මිද්දෙණියේ දී සොයාගත් බහාලුම් දෙක, ජනවාරි මාසයේ රේගුවෙන් නිදහස් කරලා – ඇමති ආනන්ද විජේපාල

Editor O

Leave a Comment