Trending News

නැවුම් බලාපොරොත්තුවකින් රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකළ බව ජනපති පවසයි

(උදයම්,කොළඹ) –  නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකළ බව ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලූ අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර, එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මංගල සමරවීර මහතා නව මුදල් සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, එස්.බී. දිසානායක මහතා සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ උඩරට උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කම්කරු, වෘත්තීය සබඳතා සහ සබරගමුව සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, රවී කරුණානායක මහතා විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, මහින්ද සමරසිංහ මහතා වරාය සහ නාවික කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, චන්දිම වීරක්කොඩි මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, තිලක් මාරපන මහතා සංවර්ධන කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මේ අතර ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද මෙහිදී දිවුරුම් දෙනු ලැබීය.

මිත්‍රශිලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටුකිරීමට එක්වන ලෙස මෙහිදී නව අමාත්‍ය ධූර ලැබූ සියලූ ඇමතිවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බව ද පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

அன்னதான சாலைகளையும் சுகாதார மருத்துவ பணிமனையில் பதிவு செய்வது அவசியம்.

Mohamed Dilsad

Kenyatta seeks broader ties with Sri Lanka

Mohamed Dilsad

வயதெல்லையை நீடிக்குமாறு அமைச்சர் ரிஷாட் பதியுதீன் கோரிக்கை!!!!

Mohamed Dilsad

Leave a Comment