වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් තමන් ඉල්ලා අස්වෙන බව ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දන්වා තිබේ.
තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවත්, එබැවින් ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවද මුසම්මිල් මහතා ජනාධිපතිට යැවූ ලිපියේ සඳහන්.