Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

මෙම වසරේ ගතවූ මාස 08 තුළ රුපියල් බිලියන 1000ක වාර්තාගත ආදායමක් ශ්‍රී ලංකා රේගුව උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉළක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්. කෙසේ වෙතත් මේ වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේදීයි. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක්. සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය බදු ආදායම මතය. කෙසේ වෙතත් එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාසයට වඩා සියයට 5.3ක වර්ධනයක් බවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ සඳහන් කරයි.

Related posts

ඉදිරි පැය 24 දී චණ්ඩ සුළි කුණාටුවක්

Mohamed Dilsad

One-day service of Persons Registration suspended for today

Mohamed Dilsad

வெடிப்பு சம்பவங்களுடன் தொடர்புடைய 40 பேர் கைது

Mohamed Dilsad

Leave a Comment